2023-24 බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති Bim10 තරඟාවලියට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජාවොන් සියල්ස් හට තරග තහනමක් පනවා තිබෙනවා.
සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා තරගවලට අදාළව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තහනම පන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම තරගවාරයේ ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වූ චිත්‍රංජන් රතෝඩ් සහ කණ්ඩායම් කළමණාකාරිත්වයේ සිටි ට්‍රෙවොන් ග්‍රිෆිත් හට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම චෝදනා ගොනුකර තිබෙනවා.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තිදෙනාටම ඊයේ (11) සිට දින 14ක් ලබා දී තිබෙනවා.
ජාවොන් සියල්ස් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති අතර 2014-19 දක්වා CPL හි ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළා.
ඔහු 2018 දී කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් IPL තරඟාවලියටද සහභාගී වුණා.



