කිතුල්ගල ඉන්ධන පිරවුම්හලෙන් බලපත්‍රයක් නොමැතිව භූමිතෙල් ලීටර් 4000ක්, ටැංකි 04ක පටවා කෑගල්ල දක්වා රැගෙන යාමට උත්සහ කිරිමෙදි ප්‍රදේශවාසීන් විසින් එම ලොරි රථය අතර කර කිතුල්ගල පොලිසිය වෙත භාර කර තිබෙනවා.
ඉකුත් 05 වැනිදා අලුයම එම ඉන්ධන පිරවුම්හලට පැමිණි ලොරි රථය භූමිතෙල් පුරවන බව ප්‍රදේශවාසින් දැක තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසියේ නිළධාරින්ට දැනුම්දීමෙන් පසු ලොරි රථය, ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රියදුරා සහ රිය සහයකයා එදිනම පොලිස් ඇප මත මුදාහැර තිබුණා.
කිතුල්ගල පොලිසියේ නිළධාරින් කියා සිටියේ, අත්අඩංගුවට ගත් භූමිතෙල් තොගය සහ සැකකරුවන් (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි.



