රජය ඉන්ධන මිල ඉහළ දැමූ ඇත්තම හේතුව ඇමති නලින්ද හෙළිකරයි (වීඩියෝ)

හදිසියේ රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ හේතු පිළිබඳව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කරුණු අනාවරණය කළා.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙරට ඉන්ධන පරිභෝජනය පසුගිය දින කිහිපයේ ඉහළට මට්ටමක පැවැති බවත්, ඒ හේතුවෙන් රට තුළ තිබූ ඉන්ධන සංචිතවල අඩුවීමක් සිදුවූ බවයි.

ඒ, අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

“මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 01-09දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 59,200යි, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500යි ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය තුළ, මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා. අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා. තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමටත් ජනතාව මේ වෙලාවේ කටයුතු කරයි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !