කෝටි 02කට අධික කුෂ් සමඟ විදෙස් යුවළක් අත්අඩංගුවට

රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂ අනූ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන එමින් සිටි විදේශීය ගුවන් මගීන් යුවළක් අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා එරට පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන්නෙක් .

29 හැවිරිදි ඔහුගේ බිරිඳ තවමත් රැකියාවක් සොයමින් සිටින්නියක් බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අද දින උදෑසන 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 32 ග්‍රෑම් 159 ක ප්‍රමාණය පැකැට් 23 ක් තුළ අසුරා සගවා ගෙන පැමිණ ඈති බව දසත news ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17