ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සහ කරුණු දැක්වීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර විසින් අද (10) දිනයේ සි මාධ්‍ය හමුවක් කන්ද තිබුණා.
දින 30ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව පැවතිය ද ලබන මාසයේ සිට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවල ඉන්ධන මිළ සීඝ්‍ර වශයෙන් ඉහළ යන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල එකවර ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මෙලෙල ඊයේ (09) මාධ්‍ය රාත්‍රියේ සිට මිළ ඉහළ දැමූ බවයි.
පවතින ඉන්ධන තොග ඉදිරි මාස කිහිපයේ බෙදා හැරීම මඟින් ඉදීරියේදී ලැබීමට නියමිත ඉන්ධන තොගයන්ගේ මිල සාමාන්‍යයීකරණයට ලක් කරීම සඳහා මෙම පියවර ගත් බවයි මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් පවසා සිටියේ.













