ගෝලීය තෙල් ප්‍රවාහනයට බාධා කළොත් ඉරානයට එල්ල කරන ප්‍රහාර 20 ගුණයකින් වැඩි කිරීමට සැරසෙයි

ඉරානය ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ගයට බාධා කළහොත් ‘මරණය, ගින්න සහ කෝපය’ ඇති වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ තෙල් ප්‍රවාහය නැවත්වීමට ඉරානය දරණ ඕනෑම උත්සාහයක් වෙනුවෙන්, ඔවුන්ට මෙතෙක් පහර දී ඇති ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පහර දෙන බවයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, යුද්ධය මුහුදු ගමනාගමනය දැඩි ලෙස අඩුකර ඇති අතර ගෝලීය තෙල් මිලට සිදුකර ඇත්තේ ඉහළ බලපෑමක්.

මේ අතර ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (09) රාත්‍රියේ සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක් දක්වා අඩුවී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.83ක් දක්වා අඩුවී තිබෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ගැටලුවට විසදුම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය හදිසි බොරතෙල් බැරල් මිලියන 300ක් මුදාහැරීමට යෝජනා කර තිබෙනවා.

G7 රටවලට මුදල් අමාත්‍යවරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම යෝජනාව මතුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15