ලිපි ලේඛන හොරෙන් හදලා එන්නත් විදගෙන

චිනයෙන් ගෙනා ජනතාවට ලබා දෙන එන්නත් වලින් මාත්‍රා දෙකක් පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාජ ලිපි ලේඛන සකසා නිලධාරින් නොමග යවා එන්නත ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් අද (12) දින සිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

දඹුල්ල ජාතික පාසලේ  සිදු කෙරෙන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය අවස්ථාවේදී ඊයේ (11) දින පස්වරුවේ දඹුල්ල නගරයේ ග්‍රාම සේවා වසමේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ව්‍යාජ ලිපි ලේඛන සකසා එන්නත ලබා ගෙන ඇති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පොලීිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.කේ.බණ්ඩාර මහතා පැවසුවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් වරයාගේ අත්සනින් යුතුව දඹුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 60ක් ඉක්ම වූ පුද්ගලයන් සඳහා එන්නත් කිරීම් සදහා මෙම පෝරම ග්‍රාම නිලධාරින් හරහා ලබාදී තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එන්නත ලබා ගැනීමේදී පුරවන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම දෙකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින්ම හොර රහසේ පිටතට ගොස් පුද්ගලයන් දෙදෙනකු මෙම එන්නත ලබා ගෙන ඇතැයි දැනට සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර මහතා පවසනවා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.එදිරිසිංහ මහතා මෙහි පැමිණිල්ල ගැඹුරින් විභාග කිරීම සඳහා දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අද (12) දින විශේෂ පොලිස් කණ්ඩායමක් ව්‍යාජ ලෙස එන්නත් ලබා ගත් පුද්ගලයන් දෙදෙනා පුරවා ඇති පෝරම දෙක පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙරට තුල කොවිඩ් වෛරසය සදහා එන්නත්කරණයේදී විවිධාකාරයෙන් එන්නත් කිරීම් වලදී හිතවතුන් හට එන්නත ලබා දීම සිදුකරන සිද්ධීන් වාර්තා වුවද ඉතා සූක්ෂම ලෙස කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරම රහසිගතව අන්සතු කොට හෝ වියාජ ලේඛන සකසා එන්නත් ලබා ගැනීමේ සිද්ධීන් වාර්තා වී නැති බව පොලිසිය පවසයි.

මෙම ව්‍යාජ ලෙස  කූඨ ලේඛන සැකසූවේද දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුලින් මෙම ලේඛන සොරාගෙන පිටස්තර අයට ලබා දුන්නේද යන්න වැඩිදුර පරීක්ෂණ පවත්වනු බවත් එමෙන්ම ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අවුරුදු හතළිස් 45ක් යන වයස්වල දඹුල්ල නගරයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ පවත්වන විශේෂ අපරාධ විමර්ශනශන අංශයේ නිලධාරීහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44