ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී මුහුදුබත් වූ අයිරිස් ඩෙනා නෞකාවට අයත් බවට සැකකරන කොටස් කිහිපයක් ගාල්ල – සීනිගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
මේ අතර විනාශ වූ ඉරාන නෞකාවේ තිබී සාගරයට එකතු වූ යැයි සැකකරන තෙල් වර්ගයක්ද එම වෙරළ තීරයේ පාවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඉරානය නාවික හමුදාවට අයත් අයිරිස් ඩෙනා නෞකාව පසුගිය 04 වනදා අලුයම ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී ගියේ ගාල්ලට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දියි.
විනාශ වී ගිය එම නෞකාවේ සිටි පිරිසෙන් 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අතර, තවත් 82 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණා.













