අකුරේගොඩ වෙඩික්කරුවෙක් බස් රථයකින් මොණරාගලට රැගෙන ගිය දෙදෙනෙක් අල්ලයි

පසුගිය පෙබරවාරි මස 13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොණරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 39 සහ 53 වයස්වල පසුවන ඉබ්බාගමුව සහ මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබාදෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ බස් රථය ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

වෙඩි තබා සිදුකළ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43