දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53g ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාට අදාල වර්තා රස පරීක්‍ෂක වෙත යොමු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබා ගැනීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා මහ බැංකුව වෙත දන්වා ඇතිි බවයි.
එම නිසා සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කනිෂ්ක සාරංග, රාජකුමාර් ,විචිත්‍ර නලින් මදුශංක යන සැකකරුවන් එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරුවන් ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.













