උතුරු ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට හිස්බුල්ලා සංවිධානය රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයේ බේරූට් වෙත බෝම්බ හෙළා ඇති බව වාර්තා වනවා.
අද (02) අලුයම ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පැවසුවේ තම ප්‍රහාරය ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස එල්ල කළ බවයි.
ලෙබනනය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහ ඊශ්‍රායල ආක්‍රමණවලට ප්‍රතිචාර වශයෙන් මෙම රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර සිදුකළ බවයි හිස්බුල්ලා සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1
1



