පානීය ජල ගැටළුවක් නිසා ඇති වූ ආරවුලකින් එක් අයෙක් ජිවිතක්ෂයට

පානීය ජල ගැටළුවක් මුල් කර ගනිමින් දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට. 5ක් රෝහලේ.

හැටන්, මටුකැලේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 05 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ගැටුමෙන් තුවාල ලැබූ 06දෙනෙක්, දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් අයෙක්ගේ තත්ත්වය බරපතල වීම නිසා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) දින රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙක්.

ප්‍රදේශයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවක් අතර ඉකුත් 24 වැනිදා අවස්ථා කිහිපයකදී බහින්බස් වීමක් ඇති වී ඇති බවත්, පසුව එය ගැටුමක් දක්වා වර්ධන වී තිබෙනවා.

මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුවන් රෝහලෙන් බැහැර විමෙන් පසු ඔවුන්ද අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40