පොලිසියේ ඕ.අයි.සී මහත්තයාට ඇති ආදරේට කසිප්පු ජාවාරම නැවැත්වූ පුද්ගලයා

කලක සිට සිදුකරගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම මත නවතා දැමූ පුද්ගලයෙක් පිළිබඳ පුවතක් දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ, අනුව අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ සියල්ල පොලිසිය වෙත ගෙනවිත් භාරදීම අද (26) සිදු බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල පොලිස් ස්ථානාධිපති සුගත් විජේසුන්දර, දඹුල්ල මහානගර සභා නගරාධිපති වසන්ත රාජ මන්ත්‍රී ඇතුළු ප්‍රදේශවාසීන් ඉදිරියේ දී එම උපකරණ පොලිසියට මෙලෙස ගෙනවිත් භාරදීමට අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත පොලිසිය වැටලීම් සිදුකර එම ජාවාරම සිදුකරගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ජාවාරම දිගින් දිගටම කරගෙන ගොස් ඇති පසුබිමක දඹුල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ජාවාරම්කරුවන් හමු වී මෙම නීති විරෝධී ව්‍යාපාරය නවතා දමන ලෙසයි ඉල්ලීම් කර ඇත්තේ.

එම ඉල්ලීමට කන්දුන් එක් පුද්ගලයෙක් මෙලෙස නීතිවිරෝධී මත්පැන් ජාවාරම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07