බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සීයාගෙන් ණයට ගත් රුපියල් 35,000 වසර 109 කට පසු මුණුපුරා යළි ඉල්ලයි

හිරු නොබසින රාජධානිය ලෙස ආඩම්බර වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තම පවුලෙන් ලබාගත් ණය මුදලක් ඉන්දීය ජාතිකයෙකු විසින් යළි ඉල්ලා සිටින පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 109 කට පමණ පෙර එනම් 1917 වසරේ දී, අධිරාජ්‍ය පරිපාලනය දුර්වල වූ විට, බ්‍රිතාන්‍ය රජය විසින් එවකට ඉන්දියාව තුළ බලගතුම ව්‍යාපාරිකයෙකු වූ සෙත් ජුම්මාලාල් රුතියියාගෙන් රුපියල් 35,000ක ණය මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.

එම යුගයේ ප්‍රමිතීන්ට අනුව අදාළ මුදල අති විශාල වූ අතර, රුතියියා පවුලට අනුව එම ණය මුදල් කිසි විටෙකත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ආපසු ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට සියවසකට වැඩි කාලයකට ගතව ඇති පසුබිමක, සෙත් ජුම්මාලාල්ගේ මුණුබුරා වන විවේක් රූතිය පවසන්නේ, “ඓතිහාසික සහ නොගෙවූ ස්වෛරී ණයක්” ලෙස හඳුන්වන දෙය අයකර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයට නීතිමය දැන්වීමක් යැවීමට සූදානම් වන බවයි.

විවේක් රූතිය කියා සිටින්නේ තම පියාගේ මරණයෙන් පසු පැරණි වාර්තා අතර සහතික සහ ලිපි හුවමාරුව මෙන්ම පවුලේ කැමැති පත්‍රයක් ඇතුළු ලේඛනමය සාක්ෂි මෑතකදී තමන්ට හමු වූ බවයි.

ඒ අනුව 1917 දී, ඔහුගේ සීයා වන සෙත් ජුම්මාලාල් රුතියියා, බ්‍රිතාන්‍ය රජයට රුපියල් 35,000ක් ණයට ලබා දී ඇති බවත්, එම ණය ලබාගත් බවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ලබාදුන් ලිපි ලේඛනවල, රාජ්‍යයේ පරිපාලන කළමනාකරණය විධිමත් කිරීම සඳහා මෙම ණය ලබා ගත් බවත් එය යුද ණයක් ලෙස නම් කර ඇති බවයි.

ණය ලබාදී වසර 20 කට ආසන්න කාලයකට පසු සීයා මියගොස් ඇති බවත්, දක්වාත් බ්‍රිතාන්‍ය රජය අදාළ නය මුදල ලබා දී නොමැති බවයි.

1917 දී රුපියල් 35,000 ක අගය නූතන ප්‍රමිතීන්ට අනුව සුළු ලෙස පෙනෙන්නට තිබුණත්, එහි වර්තමාන වටිනාකම කෝටි ගණනක් වනු ඇති බවයි විවේක් රුතියියා තර්ක කරන්නේ.

ඒ අනුව අදාළ ණය මුදල වර්තමාන අනුපාතයට සංසන්දනය කර යළි එය බ්‍රිතාන්‍ය රජයේ අයකර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

  1. අනිවාර්යයෙන්ම ගතයුතු පියවරක්. අතීතයේ ශ්‍රී ලංකාව වන මාගේ රටද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයක්ව පැවති කල අප රට සතු මුදල්මය හා අයිතිහාසික වටිනා කම් වලින් යුක්ත භාණ්ඩ බ්‍රිතාන්‍යයන් විසින් ගෙනගිය බව ඉතිහාසයේ සදහන් වේ. එවැනි දෑද නැවත යටත්ව පැවති රටවලට ගැනීමට හැකි විය යුතුය.

  2. අපේ රටින් අරගෙන ගිය දේවල් ගෙන්නන්න වෙන්නේ නැව් වලින්.

    ඒ තරම් දේවල් උන් අරගෙන ගියා විතරක් නෙමෙයි තවම උන් සන්තකයේ තියගෙනත් ඉන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56