අකුරේගොඩ ද්විත්ව ඝතනයට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අටක් අත්අඩංගුවේ

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී පසුගිය 13 වනදා කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

පෙරේදා (24) රාත්‍රියේ මොණරාගල පොලිස් වසමේ නක්කල ප්‍රදේශයේ පාළු නිවසක රැදී සිටි මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවු 39ක් වන කනංකේ, කඩවීදිය ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකු වන අතර, මොහු 2009 වර්ෂයේ දී නිත්‍යාණුකූලව නාවික හමුදාවෙන් ඉවත් වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු අකුරේගොඩ ප්‍රදේශයේ දී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ අනෙක් වෙඩික්කරු බවටයි අනවරණය කරගෙන ඇත්තේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා අවු 27 සහ අවු 46 වයස්වල පසුවන අම්බලන්ගොඩ සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43