2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතයි.
මෙම විභාගය සඳහා පෙනී සිටින ළමුන් කළහකාරි සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවනතාවයක් පසුගිය වසරවල සිදු වූ සිද්ධීන් සම්බන්ධව විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
අද (26) දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක පියවර ගැනීමට සැලසුම් කර ඇති අතර දෙමාපියන් ද තම දරුවන් සම්බන්ධව අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



