පාස්කු ඉරිදා විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.