කෝටි 400ක මත්ද්‍රව්‍ය මාට්ටු වූ මෙහෙයුමේ උපාය දූතයා ඝාතනය කිරීමේ තැත වරදී

රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07 දෙනෙක් පසුගිය වසරේ නොවැම්බර් 12 වැනිදා කිරින්ද – අඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

අදාළ මෙහෙයුම සඳහා පොලිසිය විසින් උපාය දූතයෙක් ලෙස එම පොලිස් කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරියෙක්ගේ ඥාතියෙක් යොදාගෙන තිබුණා.

එලෙස, උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයා සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අයත් බව ජාවාරම්කරුවන් විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කිරීම වෙනුවෙන් සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තා වීමෙන් අනතුරුව අදාළ ඝාතන සැලැස්මේ වෙඩික්කරු, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්නපුර ප්‍රදේශයේදීයි.

පොලිස් ජීප් රථයකට සමාන රථයකින්, අදාළ උපාය දූතයාගේ නිවසට ගොස් ඔහුව පැහැරගෙන ඝාතනය කිරීමෙන් අනතුරව ගෙල කපා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ නිවසේ ගේට්ටුවෙහි එල්ලීමට සැලසුම් කර තිබූ බවයි අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පොලිසිය වෙත පාපොච්ඡාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යංශය සැලකියයුතු මට්ටමට විනාශ කරලා තිබ්බේ - ඇමති නලින්දගෙන් සැර කතාවක්
01:45
Video thumbnail
තෙල් මිල අඩුවෙයිද? වැඩිවෙයිද ? ලෝක වෙළෙඳපොළේ මිල අඩු කළාම ලංකාවේ තෙල් මිල අඩු කරනවා
01:33
Video thumbnail
සංවර්ධන නිලධාරින් දිලිත් ජයවීර හමුවෙන්න යයි - අහස් මාළිගා දුන්නා විතරයි අපිට
05:33
Video thumbnail
මානව හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:10
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට පොලිසියෙන් කඩා පැනලා
01:21
Video thumbnail
ලොරි රථයේ බ්‍රේක් නැතුව ගිහින් සිදු වූ අනතුර
00:45
Video thumbnail
ගොවියෝ ආණ්ඩුවට අනතුරු අඟවයි
01:28
Video thumbnail
ශානි ඩයස්පෝරාවේ සල්ලිවලට රට පාවා දෙනවා
01:05
Video thumbnail
මම අන්දවන සජිත් ප්‍රේමදාස නෙවෙයි - මගේ ළඟ ඔය බොරුව නෑ තිත්ත ඇත්ත තියෙන්නේ
18:15
Video thumbnail
ශානි දේශද්‍රෝහියෙක් - ඩයස්පෝරාවේ සල්ලිවලට රට පාවා දෙනවා
02:22