කෝටි 400ක මත්ද්‍රව්‍ය මාට්ටු වූ මෙහෙයුමේ උපාය දූතයා ඝාතනය කිරීමේ තැත වරදී

රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07 දෙනෙක් පසුගිය වසරේ නොවැම්බර් 12 වැනිදා කිරින්ද – අඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

අදාළ මෙහෙයුම සඳහා පොලිසිය විසින් උපාය දූතයෙක් ලෙස එම පොලිස් කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරියෙක්ගේ ඥාතියෙක් යොදාගෙන තිබුණා.

එලෙස, උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයා සම්බන්ධයෙන් හෙළිදරව් වීමත් සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අයත් බව ජාවාරම්කරුවන් විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කිරීම වෙනුවෙන් සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තා වීමෙන් අනතුරුව අදාළ ඝාතන සැලැස්මේ වෙඩික්කරු, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්නපුර ප්‍රදේශයේදීයි.

පොලිස් ජීප් රථයකට සමාන රථයකින්, අදාළ උපාය දූතයාගේ නිවසට ගොස් ඔහුව පැහැරගෙන ඝාතනය කිරීමෙන් අනතුරව ගෙල කපා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ නිවසේ ගේට්ටුවෙහි එල්ලීමට සැලසුම් කර තිබූ බවයි අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පොලිසිය වෙත පාපොච්ඡාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24