මෙරට දේශපාලන පක්ෂ ලැයිස්තුව පක්ෂ 85ක් දක්වා දිග්වෙයි

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

ඒ, අනුව නව පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාරගැනීම මෙම වසරේ ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා සිදුවන බවයි සභාපතිවරයා පැවසුවේ.

සභාපතිවරයා අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ 2025 වර්ෂයේ දී නව දේශපාලන පක්ෂ 05ක්, දේශපාලන පක්ෂ ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවයි.

ඒ, අනුව මේ වනවිට දේශපාලන පක්ෂ 85ක් දේශපාලන ලැයිස්තුවේ ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර පවතින නීතිමට බාධක කිහිපයක් හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම මැතිවරණ කොමිසමට බාධාවක් වී ඇති බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවලින් සහ අදාළ නියෝජිතයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටින්නේ පවතින නීති ගැටළු කඩිනමින් විසඳා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සලසා දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00