අකුරේගොඩ වෙඩි තැබීමට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – සැකකරු අද අධිකරණයට

පසුගිය 13 වනදා තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරනවා.

අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අවුරුදු 46ක බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මොහු හිටපු යුද හමුදා සෙබලෙකු බවත්, 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අපරාධය සඳහා භාවිත කළ ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (21) පස්වරුවේ අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දුව ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමඟ සමගාමීව විමර්ශන කටයුතු සිදු කරන හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වෙඩික්කරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු අද (22) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර මෙම අපරාධයේ වෙඩික්කරුවන් දෙදෙනා ප්‍රවාහනය කළ බව කියන මෝටර් රථයක් ඊයේ (21) ඇල්පිටිය, කහදූව ප්‍රදේශයේ දී පොලිසිය විසින් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43