බිරිඳව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාට බ්‍රිතාන්‍ය අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුම්

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කිරීමට බ්‍රිතාන්‍යයේ නිව්ෆෝට් ක්‍රවුන්ඩ් අධිකරණය ඊයේ (20) නියෝග කළා.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම කෙරුනේ තිසර වේරගලගේ නැමති 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටයි.

විත්තිකරු පසුගිය 2025 වසරේ අගෝස්තු 21 වනදා නිරෝධා කල්පනී නැමැති 32 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

ඒ, ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ සබඳතාවයක් ඇති කරගෙන ඇති බවට චෝදනා කරමින් පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලක දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

ඇය ඔහුගේ විවාහක බිරිඳ වුවත් කලක සිට ඔවුන් වෙන් වෙන්ව ජීවත්ව ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ආරම්භයේ දී සැකකරු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කර සිටි අතර,පසුගිය ජනවාරි මාසයේ පැවති නඩු විභාගයක දී ඔහු එම අපරාධයය සිදුකළ බවට පිළිගත්තා.

ඒ, අනුව වරද පිළිගත් විත්තිකාර තිසර වේරගලගේට එම අධිකරණය මෙලෙස ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?