පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු ක්‍රමය ගැන සොයන්න විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් කතානායක ජගත් වික්‍රමරත්න විසින් පත්කර තිබෙනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.

එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට අමාත්‍ය විජිත හේරත් පත්කර ඇති බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍රා, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි, නිසාම් කාරියප්පර් යන මැති ඇමතිවරුන් මෙම කාරක සභාවේ සෙසු සාමාජිකයින් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?