ඉන්දියාවේදී ඇරඹූණු AI බලපෑම් සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද අලුයම ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණියා.
මුම්බායි නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මැරීන් ඩ්‍රයිව් හි ව්‍යායාමයේ නිරත වීමෙන් තම දවස ඇරඹූ ප්‍රංශ ජනාධිපතිවරයා, 2008 වසරේ නොවැම්බර් මාසයේ මුම්බායි හි ටජ්මහල් පැලස් හෝටලයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට ද පැමිණ සිටියා.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව විසින් මිලදී ගැනීම අනුමත කර ඇති ප්‍රංශ රෆේල් ප්‍රහාරක ජෙට් යානා 114 ක් සඳහා වන කොන්ත්‍රාත්තුව සම්බන්ධ අවසන් එකඟතා ප්‍රකාශයට පත්කිරීමට ද නියමිත බවයි සඳහන් වෙන්නේ.
මේ අතර, ප්‍රංශ ජනාධිපතිවරයා අද පස්වරුවේ මුම්බායි හි ලෝක් භවන් හිදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා.
එහිදී නායකයින් දෙදෙනා ඉන්දියාව සහ ප්‍රංශය අතර, උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.
ඒ් සමගම අගමැති මෝදි සහ ජනාධිපති මැක්‍රොන් අද පස්වරුවේ 2026 ඉන්දියා-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට ද එක්ව සිටියා.



