ප්‍රංශ ජනපති ඉන්දියාවට – රෆේල් ප්‍රහාරක ජෙට් යානා කොන්ත්‍රාත්තුවේ අවසන් තීරණය ලැබෙයිද

ඉන්දියාවේදී ඇරඹූණු AI බලපෑම් සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද අලුයම ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණියා.

මුම්බායි නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මැරීන් ඩ්‍රයිව් හි ව්‍යායාමයේ නිරත වීමෙන් තම දවස ඇරඹූ ප්‍රංශ ජනාධිපතිවරයා, 2008 වසරේ නොවැම්බර් මාසයේ මුම්බායි හි ටජ්මහල් පැලස් හෝටලයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට ද පැමිණ සිටියා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව විසින් මිලදී ගැනීම අනුමත කර ඇති ප්‍රංශ රෆේල් ප්‍රහාරක ජෙට් යානා 114 ක් සඳහා වන කොන්ත්‍රාත්තුව සම්බන්ධ අවසන් එකඟතා ප්‍රකාශයට පත්කිරීමට ද නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ අතර, ප්‍රංශ ජනාධිපතිවරයා අද පස්වරුවේ මුම්බායි හි ලෝක් භවන් හිදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා.

එහිදී නායකයින් දෙදෙනා ඉන්දියාව සහ ප්‍රංශය අතර, උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.

ඒ් සමගම අගමැති මෝදි සහ ජනාධිපති මැක්‍රොන් අද පස්වරුවේ 2026 ඉන්දියා-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20