ඉදිකිරීම් කර්මාන්තයට ඉදිරියේ දී ‘ගංගා වැලි’ වෙනුවට ‘සියුම් සමාහාරක’

ඉදිකිරීම් කර්මාන්තයට අදාළව ‘ගංගා වැලි’ වෙනුවට ‘ සියුම් සමාහාරක’ යන යෙදුම ආදේශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ගංගා වැලි කැණීම සීමා කිරීම් සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා වන සීමාවන් හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මේ වන විට ගංගා වැලි හිඟයකට මුහුණ දෙමින් සිටිනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, ගංගා වැලිවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, එමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මුල්‍ය පීඩනයක් එල්ල කර තිබෙනවා.

ඒ, අනුව ගංගා වැලි සඳහා විකල්පයන් වශයෙන්, නිෂ්පාදිත වැලි (M-වැලි), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ අනෙකුත් සුදුසු ද්‍රව්‍ය විධිමත් පරිදි හඳුනා ගැනීම හා භාවිතය පහසු කිරීම පිණිස, ‘සියුම් සමාහාරක ‘ (Fine Aggregate) යන පුළුල් යෙදුම එම ද්‍රව්‍යයන් සියල්ලම සඳහා යොදා ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි ඉහත සඳහන් කණිකාමය ද්‍රව්‍ය ‘ සියුම් සමාහාරක’ ලෙස අර්ථ දක්වමින්, එම යෙදුම ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සියලුම පිරිවිතරයන්හි හා මාර්ගෝපදේශයන් හි ‘ගංගා වැලි’ යන යෙදුම වෙනුවට ආදේශ කිරීමට හැකි වන පරිදි 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54