ලෝක කුසලාන තරගයක ශතකයක් වාර්තා කිරීමේ ඉලක්කයක් තමන්ට තිබූ බව, ඊයේ (16) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20-20 තරගයේ, තරගයේ වීරයා බවට පත් වූ පැතුම් නිස්සංක පවසනවා.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැතුම් නිස්සංක මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට පැමිණ කණ්ඩායමට ලබාදුන් ශක්තියට ප්‍රේක්ෂකයින්ට තමන් ස්තූතිවන්ත වන බවයි.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති තරගය කඩුලු 08කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ දී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක පන්දු 52ක් තුළ නොදැවී ලකුණු 100ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව හිමි වුණා.



