කෝටි 16ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙක් ඊයේ (15) රාත්‍රියේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 28 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 35 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මොවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?