මරණ දඬුවම විඳිමින් සිටිය දී මුහම්මද් යුනුස් විසින් සමාව දී නිදහස් කරනු ලැබූ තිදෙනෙක් මෙවර මැතිවරණයේ දී බංග්ලාදේශ පාර්ලිමේන්තු වරම් දිනාගෙන තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශ් ජාතිකවාදී පක්ෂයෙන් Lutfozzaman Babar සහ Abdus Salam Pintu සහ, ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයෙන්
Azharul Islam මෙලෙස පාර්ලිමේන්තු වරම් ලබාගත්තා.
2024 දෙසැම්බර් මාසයේ දී, බංග්ලාදේශ මහාධිකරණයක් විසින් 2004 අගෝස්තු 21 වන දින ෂෙයික් හසීනා ඉලක්ක කරගත් අත්බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ නඩු දෙකකට බාබාර් වරදකරු කර තිබුණා.
2006 දී උත්තර් ප්‍රදේශ්හි වරනාසි හි අධිකරණ පරිශ්‍රයක සිදු වූ පිපිරීම්, 2007 දී අජ්මීර් ෂරීෆ් දර්ගා සහ 2011 දී දිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රහාර පිටුපස සිටි පාකිස්තානයේ හර්කට්-උල්-ජිහාඩ්-අල්-ඉස්ලාමි (හුජි) ත්‍රස්තවාදී කණ්ඩායමට සහාය දුන් බවට පින්ටුට චෝදනා එල්ල වුණා.
අසාරුල් ඉස්ලාම්,1971 විමුක්ති යුද්ධයේදී පුද්ගලයින් 1,200 කට අධික පිරිසකගේ මරණ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියනු ලබන අතර, ඔහු ස්ත්‍රී දූෂණ නඩු 13ක චූදිතයෙක් බව ද සඳහන්.
මේ සියලු අපරාධ සඳහා, 2014 දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එක්සත් ජනපදයෙන් ආපසු පැමිණි නොබෙල් ත්‍යාගලාභීයා විසින් සියලු චෝදනාවලින් සමාව දී නිදහස් කරනු ලැබුවා.



