මරණ දඬුවම ලැබූ තිදෙනෙක් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

මරණ දඬුවම විඳිමින් සිටිය දී මුහම්මද් යුනුස් විසින් සමාව දී නිදහස් කරනු ලැබූ තිදෙනෙක් මෙවර මැතිවරණයේ දී බංග්ලාදේශ පාර්ලිමේන්තු වරම් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශ් ජාතිකවාදී පක්ෂයෙන් Lutfozzaman Babar සහ Abdus Salam Pintu සහ, ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයෙන්
Azharul Islam මෙලෙස පාර්ලිමේන්තු වරම් ලබාගත්තා.

2024 දෙසැම්බර් මාසයේ දී, බංග්ලාදේශ මහාධිකරණයක් විසින් 2004 අගෝස්තු 21 වන දින ෂෙයික් හසීනා ඉලක්ක කරගත් අත්බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ නඩු දෙකකට බාබාර් වරදකරු කර තිබුණා.

2006 දී උත්තර් ප්‍රදේශ්හි වරනාසි හි අධිකරණ පරිශ්‍රයක සිදු වූ පිපිරීම්, 2007 දී අජ්මීර් ෂරීෆ් දර්ගා සහ 2011 දී දිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රහාර පිටුපස සිටි පාකිස්තානයේ හර්කට්-උල්-ජිහාඩ්-අල්-ඉස්ලාමි (හුජි) ත්‍රස්තවාදී කණ්ඩායමට සහාය දුන් බවට පින්ටුට චෝදනා එල්ල වුණා.

අසාරුල් ඉස්ලාම්,1971 විමුක්ති යුද්ධයේදී පුද්ගලයින් 1,200 කට අධික පිරිසකගේ මරණ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියනු ලබන අතර, ඔහු ස්ත්‍රී දූෂණ නඩු 13ක චූදිතයෙක් බව ද සඳහන්.

මේ සියලු අපරාධ සඳහා, 2014 දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එක්සත් ජනපදයෙන් ආපසු පැමිණි නොබෙල් ත්‍යාගලාභීයා විසින් සියලු චෝදනාවලින් සමාව දී නිදහස් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14