ඉදිරි පැය 36 දී පළාත් රැසකට වැසි වාර කිහිපයක්

මධ්‍යම, ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

අද (14) පස්වරු 04ට නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.

උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ප.ව. 01.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි පැවසෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05