ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (14) නාවික හමුදා විසින් සිය භාරයට ගෙන තිබුණා.
නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙක සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම, තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මෙම ඩිංගි යාත්‍රාව , හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික තොගය සමඟ සැකකරුවන් දෙදෙනා ඉදිරි වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදව විසින් නිව්දනයක් නිකුත් කරමින් පවසන්නේ.



