තංගල්ල රෝහලේ මෝචරියේ ඉඩ නැති නිසා අයිස් දැමූ නිසල සිරුරු කොරිඩෝවේ ට්‍රොලි මත

තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා ඒවා මෘත ශරීරාගාරය ඉදිරිපිට ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තබා ඇති ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

බෙලිඅත්ත, නාකුළුගමුව, රන්න, අඟුණකොළපැලැස්ස, වීරකැටිය ආදී ප්‍රාදේශීය සහ දිසා රෝහල්වලදී මියගිය පුද්ගලයන් මෙන්ම හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ද තංගල්ල මූලික රෝහලට රැගෙන එන අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එම සිරුරු තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් රෝහලට ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් දේහයන් මෘත ශරීරාගාරය ඉදිරිපිට ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තබා ඇති බව සඳහන්.

තංගල්ල මූලික රෝහලේ පැරණි මෘත ශරීරාගාරයේ එක්වර මෘත ශරීර හයක් තැන්පත් කර තැබිය හැකි ශිතාගාරයක් තිබී ඇති අතර එම ශීතාගාරය නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමින් මේ වන විට අබලන්ව පවතින බවයි පැවසෙන්නේ.

නව මෘත ශරීරාගාරයේ දැනට ඇත්තේ එක්වර සිරුරු දෙකක් පමණක් තැන්පත් කළ හැකි ශීතාගාරයක් වන අතර එය තංගල්ල මූලික රෝහලට ප්‍රමාණවත් නොවන බවයි රෝහල් කාර්යය මණ්ඩලය සදහන් කළේ.

මේ ආකාරයෙන් සිරුරු ට්‍රොලි මත තබා සිරුරු නරක් නොවී කල් තබා ගැනීමට ඒවා මතින් අයිස් දමා දැමීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ලවා අයිස් ගෙන්වා ගන්නා අතර එම පුද්ගලයෝ ද මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණද ඉන් මෙතෙක් ඵලක් වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14