මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් බෙලිඅත්ත නගරය සහ ඒ අවට ප්‍රදේශයේ හෝටල් සහ වෙළදසල්වල හදිසි පරීක්ෂාවක් ඊයේ (10) උදැසන සිදු කරන ලැබුවා.
උදේ 10.00 පමණ සිට දවස පුරා ක්‍රියාත්මක වූ මෙම පරීක්ෂාවේදී වෙළදසැල් 50ක් පමණ පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වෙළදසැල් 17ක් සදහා නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළා.
නිසි ක්‍රමවේදයෙන් තොරව ශීතකරණයෙහි ආහාර ගබඩා කිරීම, කල් ඉකුත්වු ආහාර භාවිතා කිරීම සහ හෝටල් පරිශ්‍රය අපිරිසිදු අයුරින් පවත්වාගෙන යාම මත වෙළදසැල් හිමියන් 17 දෙනෙක් සදහා නීතිමය පියවර ගෙන තිබෙනවා.














සුපිරි.. ඔය නිලදාරීන් කිසිම වැඩක්නැතිව මෙලෝ රහක් නැතිව ඉන්නේ සංචාරක පුරවරයක් වන මීගමුවෙ… ඉතාම අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යන හෝටල් සහ සයිවර් කඩ කිසිම පරීක්ෂාකිරීමකින් තොරව මෙහෙම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා නගරයේ හැමෝම දන්නවා… මුදල් මස් මාළු සහ මත්පැන් සහ වෙනත් ප්‍රතිලාභ ලබාගන්නා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඒ ඒ අයට අවශ්‍ය අන්දමින් ජනතාව ගසාලන්නට ඉඩ සලසා පාඩුවේ ඉන්නවා.. නිසි බලධාරීන් නිදිපෙති බීලා