වසරේ මේ දක්වා කාලය තුළ 24ක් ජල රකුසාට බිළි – 33 දෙනෙකුගේ ජීවිත බේරාගෙන

මෙම වසරේ මේ දක්වා ගත වූ දින 41ක කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු ජල රකුසාට බිළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (11) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පසුගිය 2025 වසර තුළ දිය අනතුරුවලින් පුද්ගලයින් 376 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම 2024 වසරේ එම සංඛ්‍යාව 595ක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර 2025 වසරේ දී දේශීය පුද්ගලයින් 151 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 96 දෙනෙකු ගේ ජීවිත දිය අනතුරුවලින් බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ දේශීය පුද්ගලයින් 17 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් 16 දෙනෙකුගේ ජීවිත ජල රකුසාට බිළිවන්නට නොදී බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හැකියාව ලැබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48