පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි – 17 හැවිරිදි රියදුරා මරුට

කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේ දී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා අද (10) අලුයම් කාලයේ පොලිසිය විසින් සංඥා කිරීමේ දී එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සහා කළ ද එය තවදුරටත් නොනවත්වා පළා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සහා කර ඇති බවයි පොලිසය පවසන්නේ.

එම අවස්ථාවේදීත් නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය වෑන් රථයට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් වෑන් රථයේ රියැදුරු වෙඩි වැදී තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තා අවුරුදු 17ක වඩුක් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථය පිටුපස ආසන ගළවා ඉවත් කර තිබී ඇති අතර, වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් කයිට්ස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයිට්ස් පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10