සැණකෙළි භූමියක ඔන්චිල්ලාවක් කඩා වැටී ඉන්දියාවේ දරුණු අනතුරක් (වීඩියෝ)

“සුනාමි පැද්දීම” ලෙස හැඳින්වෙන ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් ඉන්දියාවේ සැණකෙළි භූමියක මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද්හි පැවති සුරාජ්කුන්ඩ් සැණකෙළිය අතර තුර ඊයේ (07) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් ඊයේ (07) පස්වරු 6:15 ට පමණ සිදු වූ මෙම මාරාන්තික අනතුරින් සැණකෙළි භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

“සුනාමි පැද්දීම” ලෙස හැඳින්වෙන ඔන්චිල්ලාවේ නැගී විනෝද වෙමින් සිටි තවත් පුද්ගලයින් 13 දෙනෙක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔන්චිල්ලාවේ පුද්ගලයින් 15 දෙනෙකු පමණ රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් හර්යානා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සුරාජ්කුන්ඩ් සැණකෙළිය පසුගිය ජනවාරි 31 වන දින ආරම්භ වූ අතර, එය පෙබරවාරි 15 ​​වන දින දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?