ASP ඕලුගලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණු හේතුව ඇමති පහදයි

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම ඔහුගේ ඉල්ලීම මත සිදු වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරුවීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් සිදුකර තිබූ බවත්, ඒ අනුව ඔහුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මෙම ස්ථානමාරුවීම තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගෙන් තවත් ඉහළ සේවයක් ලබාගැනීම මෙම ස්ථාන මාරු කිරීමේ අරමුණක් බවත් ඔහු සඳහන් කළා.

පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

  1. පොලිස් මාරුවීම්, උසස්කිරීම්, හෝ පත්කිරීම් සදහා ජනතාවගේ අදහස් අවශ්‍ය් නොවේ. එය අදාල අඅමාත්‍යාංශයේ සහ රජයේ වගකීමකි..



අපගේ නවතම වීඩියෝ පුවත්