2026 විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත්කාරකත්වයෙන් හෙට (07) දිනයේ සිට පැවැත්වෙනවා.
ඒ අනුව ලෝක කුසලානයේ පළමු තරගය පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර හෙට (07) කොළඹ SSC පිටියේ දී උදැසන 11.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂයින්ට අවස්ථාව උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂනයින් වෙනුවෙන් ගේට්ටු කිහිපයක් විවෘත කර තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
17
+1
+1
+1
1
+1
4



