ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (06) සිදුවුණා.
අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන්ට පත්වීම් ලබාදීම අද සිදුකෙරුනේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දීයි.
අද දිනයේ දී පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නිල ඇඳුමක් ද හඳුන්වාදී තිබීම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
1
+1
+1
+1
1
+1













