ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීම දේශපාලන මර්ධනයක් – පොහොට්ටුවෙන් නිවේදනයක්

වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ කැඳවීම දේශපාලන මර්ධනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය “සිරිලිය” නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට ශිරන්ති රාජපක්ෂ අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය පහතින්.

අද දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ සිරිලිය සවිය සංවිධානයට අදාළ විමර්ශනයක් වෙනුවෙනි. මෙම මාධ්‍ය නිවේදනය එකී කැඳවීමට අදාළ විස්තරාත්මක කරුණු දැක්වීමකි.
සිරිලිය සවිය 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සංවිධාන පනත යටතේ ස්ථාපිත ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. 2006 වසරේ දෙසැම්බර් මස 08 වන දින ලියාපදිංචි අංක FL-111201 දරණ අංකය යටතේ සිරිලිය සවිය නීත්‍යානුකූලභාවය ලබා ඇත. සිරිලිය සවිය සංවිධානයේ ප්‍රමුඛ අභිලාෂය වූයේ දරිද්‍රතාවය දුරු කරලීම අරමුණු කරගනිමින් මහජන සහන සේවාවන් සහ සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. එතෙක් පැවැති ආයතන ව්‍යුහයන්ගෙන් ආවරණය නොවන පොදු සමාජ සත්කාරක සේවාවන් සහ ප්‍රදානයන් සිදු කිරීම කෙරෙහි සිරිලිය සවිය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබුණි. මෙම සංවිධානයෙන් ඉටු කරන ලද පොදු සමාජ සත්කාරක සේවාවන් පිළිබඳව ප්‍රතිලාභීන් සහ අනෙකුත් බාහිර පාර්ශවකරුන් විසින් පළ කර ඇති කෘතවේදී ප්‍රතිචාර සිරිලිය සවිය සංවිධානයේ කාර්ය භාරයෙහි වටිනාකම තහවුරු කරන ප්‍රබලතම සාක්ෂියයි. අදටත් උපකාර අවැසි දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාව සිරිලිය සවිය සංවිධානයේ සේවාවන් අපේක්ෂාවෙන් මෙම සංවිධානය වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතී.
2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස කීර්තියක් දිනා සිටි සිරිලිය සවිය සංවිධානය පිළිබඳ 2015 ජනවාරි මාසයේ බලයට පත් වූ නව රජය විමර්ශනයක් ආරම්භ කරන ලදි. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සංවිධානයේ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් අවස්ථා ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන විමර්ශන ආයතන වෙත ප්‍රකාශ ලබා දී ඇති අතර එකී සියලු විමර්ශනයන්ට උපරිම සහයෝගය ද ලබා දී ඇත.
2015 වසරේ දී ආරම්භ කරන ලද විමර්ශන හේතුවෙන් සිරිලිය සවිය සංවිධානයේ මෙහෙයුම් කටයුතු අකර්මන්‍ය විය. සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිරිලිය සවිය සංවිධානය නෛතික ක්‍රියා මාර්ගයන් වෙත අවතීර්ණ වුවද ඇතැම් විමර්ශකයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එකී උත්සාහය ව්‍යාර්ථ විය. අවසානයේ දී අසරණ භාවයට පත්වූයේ සිරිලිය සවියෙන් උපකාර අපේක්ෂා කළ අහිංසක පොදු මහජනතාවයි. දිගු නිහැඬියාවකින් අනතුරුව වසර 11 කට පසු සිරිලිය සවිය පිළිබඳ යළි විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවීම දේශපාලන මර්ධනයක් බව තේරුම් ගැනීම අපහසු නැත.
සිරිලිය සවිය සංවිධානයේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අද දින යළිත් කරුණු විමසා ඇති අතර, එය හාස්‍යට කරුණක් වන්නේ 2015 වසරේදී සිදු කරන ලද විමර්ශනයේ දී අදාළ ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ම සිය භාරයට ගෙන තිබීමයි. මෙකී සිදුවීම් පෙළ දේශපාලන වෛරයකින් තොරව කියවා බැලීමේ දී මනා ලෙස ඔප්පු වන්නේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ සාහසික ප්‍රයත්නය තවදුරටත් අඛණ්ඩ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?