පැය 04කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය සිරිලිය නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට ඇයව අද (03) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබුණා.
මීට පෙර ජනවාරි 27 වනදා ඇයට එම කොට්ඨාස හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුන ද එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටියා.
ඒ අනුවයි අද (03) පෙරවරු 9.30ට පමණ ඇය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණියේ.













