අවුරුදු 15 පෙම්වතිය එක්ක අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක දැරියක් සමඟ අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වා ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම, පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

දැරිවිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇයගේ මව රැකියාවක් සදහා මීට මාස 08 කට පමණ පෙර විදේශ ගතවී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පියා සමඟ නිවසේ සිට ඇති මෙම දැරියට මීට මාස කීපයකට පෙර මව විසින් නවීන පහසුකම් සහිත ජංගම දුරකථනයක් විදේශයේ සිට එවා තිබෙනවා.

එම ජංගම දුරකථනයෙන් දියණිය සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර පවත්වා ගෙන ගොස් ඇති අතර, එහිදී සැකකාර තරුණයා හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී දැරිය සැකකරුට පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 17ක් බවයි.
ඒ, අනුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ පොසොන් පොහොය දිනයේ දී දැරිය තම මව්පියන්ට හොර රහසේ අනුරාධපුරයේ දී පළමු වරට පෙම්වතා මුණ ගැසී තිබෙනවා.

අනතුරුව ඉකුත් වසරේ අගෝස්තු මස 07 වනදා රාත්‍රී කාලයේ මව්පියන්ට හොර රහසේ බස් රථයක නැගී දැරිය අනුරාධපුරයේ සිට මදුරන්කුලියට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව තමන් පැමිණි බව පෙම්වතාට දැනුම්දීමෙන් පසුව ඔහු පැමිණ ත්‍රීරෝද රථයකින් දැරියව පෙම්වතා විසින් ඔහුගේ නිවසට කැදවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එදින සිට තමා සසහ පෙම්වතා අඹුසැමි සම්බන්ධතා පැවැත්වූ බවයි දැරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

නිවසින් අතුරුදහන් වී සිටි තම දියණිය සොයාගෙන ඉකුත් 29 වනදා විසින් මුන්දලම, පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයට ගොස් ඇති අතර, පසුව පියා තම දියණිය ද කැටුව පැමිණ මේ සම්බන්ධයෙන් උඩප්පුව පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05