සර්වඥ ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක්

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 2026.02.05 වන දින උදෑසන 06.00 සිට 2026.02.11 දින පෙරවරු 07000 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

එම කාල සිමාව තුළ ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව පැමිණෙන සියළුම මහජනතාව වෙත කිසිදු අවහිරතාවයකින් තොරව සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් පැමිණෙන බැතිමතුන්ගේ අරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක වැඩපිලිවෙලට පූර්ණ සහයෝගය ලබා දීම.

දේශීය හා විදේශීය බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය සඳහා පැමිනෙතැයි අපේක්ෂා කරන අතර ගැටකපන්නන්, සොරුන් වැනි අපරාධකරුවන් එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසිය හැකි බැවින් තම මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු පුද්ගලික දේපළ සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කිරීම.

ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්‍යුත් උපකරණ යන ආදිය සර්වඥ ධාතූ ප්‍රදර්ශන කුටිය තුළට රැගෙන නොයාම. මෙහිදී ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, පරීක්ෂා කිරීම් සඳහා අවශ්‍ය සහය සහ දායකත්වය ලබාදෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රථවාහන ගමනාගමනයේදී නියමිත රථ වාහන නීතියට ගරු කරමින් එයට අනුකූලව රථවාහන ධාවනය කිරීම හා අවශ්‍ය වන අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගැනීමට කටයුතු කිරීම.

රථවාහන ගාල් කිරීමට නියමිත ස්ථාන සහ රථගාල් වල පමණක් නැවැත්වීම හා නවතා තැබීම.

ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම පහතින්.

WhatsApp Image 2026 02 02 at 4.03.03 AM 1
WhatsApp Image 2026 02 02 at 4.03.04 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58