ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය සදහා සහභාගී වීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (31) දින දහවල් මෙරටට පැමිණියා.
මෙම පළමු තරගය පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග ලබන 07 වැනිදා උදෑසන 11.00 ට සිංහල ක්‍රිකට් සමාජ ( S.S.C. ) ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 25 දෙනෙක් අද දහවල් 11.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













