ඌරගස්මං හන්දිය පොලිස් වසමේ දැල්කඩ, කුඩා ඌරගහා ප්‍රදේශයේදී ඊයේ (30) සවස පියෙක් විසින් කළ පහරදීමක් නිසා වයස අවුරුදු 14ක් වන ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය දියණිය ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියදී එය නවතන ලෙසට පියා විසින් දැනුම් දී තිබුණත් දියණිය එය නොසලකා හැරීම නිසා උරණ වූ පියා දියණියට කැත්තකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දියණිය, ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්.
මේ සම්බන්ධයෙන් සැකපිට අදාළ පියා අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය පිළිබද ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් ඌරගස්මං හන්දිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



