එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුදල් ප්‍රශ්නයක් – ගෙවීම් පැහැරහරින රටවල්වලට දැනුම්දීමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය ගැටළුවලට මුහුණදෙමින් පවතින බවත් ඉදිරියේ දී මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් පවසනවා.

ඇතැම් සාමාජික රටවල් විසින් එම රවල් මඟින් ලබාදෙන අනිවාර්ය දායක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පවසන ගුටේරෙස් පෙන්වා දී ඇත්තේ සියලුම සාමාජික රටවල් නියමිත වේලාවට සම්පූර්ණ වශයෙන් ගෙවීම් සිදුකළ යුතු බවයි.

පසුගිය මාස කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් එක්සත් ජාතීන්ගේ ආයතනයට සපයනු ලබන අරමුදල් අවමකර ඇති බවත් ඇතැම් අවස්ථාවල මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් විසින් බොහෝ විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිවාදියෙක් ලෙස කටයුතු කරමින් සිටින බවත් බොහෝ දේශපාලන විචාරකයින් පවසන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29