78 වන නිදහස් උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් හෙට (30) දින සිට ලබන 02 වන දින දක්වා පැවැත්වෙන අතර එම දිනයන් සහ ලබන 04 වන දින නිදහස් උත්සව දිනය මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, අද, හෙට සහ ලබන 02 වැනිදා පෙරහුරු පුහුණු වීමේ කටයුතු සඳහා පෙරවරු 07.45 සිට පස්වරු 13.30 දක්වාත්, පූර්ණ පෙරහුරුව පැවැත්වෙන ලබන 01 වැනිදා පෙරවරු 05.00 සිට පස්වරු 13.30 දක්වා සහ ලබන 04 වන දින පෙරවරු 05.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තුරු අවස්ථානුකූලව රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය නිවේදනය කර ඇති රථ වාහන සැලැස්ම පහතින්,















