වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කරන කැලි කසළ දින ගණනාවක සිට වැලිගම ප්‍රාදේශීය සභාව මගින් ඉවත් නොකරන බවත් එම නිසා සංචාරක ව්‍යාපාරයට මෙන්ම පාරිසරික සහ සෞඛ්‍ය රැසක් උද්ගත වී ඇති බව ප්‍රදේශවාසී ජනතාව පවසනවා.
වැලිගම ප්‍රාදේශීය සභාව මගින් මෙම කැලි කසළ කඹුරුගමුව, ගරාඬුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අපද්‍රව්‍යය අංගනය නහර කරනු ලබනවා.
කෙසේ වෙතත් මේ වන විට දින ගණනක සිට වැලිගම ප්‍රාදේශීය සභාව විසින් මෙම අපද්‍රව්‍ය එකතු නොකිරිම නිසා ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.
සංචාරක පුරවරයක් ලෙස සැලකෙන මිරිස්ස ප්‍රදේශයේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට පවා මෙලෙස කලි කසළ ගොඩ ගැසී පැවතීම නිසා සංචාරක කරමනතයට පවා එය බලපෑම් කළ හැකි බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.



