ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන එක්දින තරගය සඳහා යොදාගත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව සම්බන්ධයෙන් එංගලන්ත නායක හැරී බෲක් සිදුකළ ප්‍රකාශනයක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
එදින තරගයෙන් අනතුරුව එම තණතිල්ල පිළිබද අදහස් දක්වමින් එංගලන්ත නායක හැරී පවසා සිටියේ ඔහු ක්‍රීඩාකර අයහපත්ම තණතිල්ල එදින තරගය සඳහා යොදාගත් තණතිල්ල විය හැකි බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක්වූ චරිත් අසලංක පවසා සිටියේ එම තණතිල්ල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හුදෙක් හැරී බෲක්ගේ මතය බවත් එය ලකුණු 440ක් රැස්කළ තරගයක් වූ බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද X සටහනක් මඟින් අදහස් දක්වා තිබෙනවා.
”ඉතින් නරක කඩුලු ගැන ලොකු කතාබහක්! නරක කඩුලු යන්නෙහි අර්ථ දැක්වීම කාටහරි මට පැහැදිලි කරන්න පුළුවන්ද? ආසියානු රටවල් විදේශයන්හි ක්‍රීඩා කරන විට සහ කඩුල්ලේ තණකොළ, චලනය සහ සීම් එක ගොඩක් ඇති විට එය “ක්‍රීඩා” කඩුලු වේ, නමුත් උප උප අන්තර්ගතයේ එය වෙනස් වූ විට එය භයානක කඩුලු ලෙස හැඳින්වේ ? මට නම් නරක කඩුලු යනු good length ඉවතට පනින සහ පිතිකරුවන්ට හානි කළ හැකි හෝ ක්‍රීඩා කිරීමට භයානක ඒවා යි” යානුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සිය සටහනේ පෙන්වා දී තිබෙනවා.













